වැස්ස වැඩි වෙලා වෙච්ච දෙයක්

වැස්ස වැඩි වෙලා වෙච්ච දෙයක්

May 22, 2018   06:21 am

කඳුකරයට වර්ෂාව ඇඳ හැලිමත් සමඟ ජලාශ නොදිරන ඝන අපද්‍රව්‍යවලින් පිරියාමේ තත්ත්වයක් උද්ගතවී ඇත.

නිරිතදිග මොසම් වර්ෂාව සක්‍රීය විමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශය සඳහා ද දැඩි වර්ෂාවක් ඇඳ හැලෙමින් පවතියි.

එම හේතුවත් සමඟ තලවාකැලේ , හැටන් ,දික්ඔය හා ඒ අවට ප්‍රදේශවල ස්ථිර පදිංචි ජනතාව මෙන්ම කඳුකරයේ සිරි නැරඹිම සඳහා නන්දෙසින් පැමිණි ජනතාව කඳුකරයේ සුන්දරත්වය විදිමින් අක්‍රයවත්ව පරිසරයට බැහැර කරන ලද ප්ලාස්ටික් බෝතල්,පොලිතන් මලු සහ ආහාර එතීමට ගන්නා දවටන මෙන්ම කෝප්ප,ගමන්මලු ,ඇසුරුම් ආදිය වැසි ජලයට ගසාගෙන දිය කඳුර සහ ඔය ට එක්වි එම ජලය ඔස්සේ කාසල්රි ,මාඋස්සාකැලේ හා ඉහල කොත්මලේ ජලාශවලට ගසාගෙනවිත් තිබේ.

පලාත් පාළන ආයතන පිහිටු විම නිමාවට පත්වුවද ඇතැම් පළාත්පාලන ආයතනවල ක්‍රියා කාරිත්වය තවමත් නිසිපරිදි සක්‍රිය වී නොමැති බවත් කසල එකතු කිරිම හා කළමණාකාරිත්වය වැනි අංශ නිසි පරිදි ක්‍රියාත්මක නොවිම නිසා මෙම තත්ත්වය උද්ගත වීමට හේතුවක් බව පවසන ජනතාව සංචාරකයින් හා ප්‍රදේශවාසින් විනයකින් තොරව කසල බැහැර කිරිම නිසා ප්‍රශ්නය උග්‍ර අතට හැරි ඇති බවට චෝදනා කරති.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ජලාශයේ සුන්දරත්වය අසුන්දර වීමත් පාරසරික පැවැත්ම අහිමි විමටත් සමඟ කඳුකරයේ මන්ස්කාන්ත බවට දැඩි පරිහානයක් සිදුවෙමින් පවතින අතර කිරියම් ක්‍රමවේදයක් අනුගමනය නොකලහොත් ජලජ ජීවින්ගේ ජීවිතවලට මෙන්ම ජලජශාක වල පැවැත්මටත් ජලය දුෂණයටද බලපෑමක් වනු ඇති බව පරිසර හිතකාමින් පවසති.