පරිවේණාචාර්යවරුන් 250ක් සඳහා පත්වීම්
May 21, 2018 09:17 pm
“සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ” ජාතික වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන පිරිවෙන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළව ප්‍රදානයන් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
පිරිවෙන්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පිරිවෙන් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා එක් පිරිවෙනකට රු ලක්ෂ 30 කට අධික වන පරිදි පිරිවෙන් 25 ක් වෙත ප්‍රදානයන් ලබාදීමත්, එකක් රුපියල් ලක්ෂ 9 ක වටිනාකමින් යුත් සනීපාරක්ෂක පද්ධති 62 ක් තෝරාගත් පිරිවෙන් 62 ක් වෙත ලබාදීමත්, පිරිවෙන් 10 ක් සඳහා පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම සහ පරිවේණාචාර්යවරුන් 250 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයත් මෙහිදී සිදු කෙරිණි.