ආගමන හා විගමන නිලධාරීන් අද සිට අකුරට වැඩ
May 18, 2018 07:12 am
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඊයේ(17) මධ්‍යම රාත්‍රී සිට තමන් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන බව ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල මහතා සඳහන් කළේය.
මේ අතර ආගමන විගමන නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නියමිත වේලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ගුවන් මගීන්ගේ ගුවන් ගමන් කටයුතු සඳහා ඇති විය හැකි බාධාවන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
නැවත දැනුම්දෙන තුරු මෙම නිවේදනය වලංගු බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.