වෙසක් පෝදා කළ අහස පොළව නුහුලන අපරාදය මෙන්න
April 29, 2018 09:43 am
මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ දිඹිරියගල්ල ප්‍රදේශයේ දී අද(29) වෙසක් පෝදා මස් අලෙවි කිරීමට කිරි එළදෙනක ඝතනය කළ පුද්ගලයකු මැදගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් මෙම එළදෙන කැලෑ බද ප්‍රදේශයකට රැගෙන ගොස් ගෙල කපා ඝතනය කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මේ පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක උනු මැදගම පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මැදගම ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි.
මෙම එළදෙන පැටවෙකු බිහි කිරීමට සිට ඇති අතර සැකකරු මෙවැනි ආකාරයෙන් ගවයින් ඝතනය කර මස් අලෙවි කරන අයෙක් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
