කොත්තැල්ලෙන මාර්ගය ප්‍රතිසංස්කරණය දෙන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක
April 28, 2018 10:10 am
අඹගමුව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් 4 කණුවේ සිට සප්ත කන්‍යා කදු වැටිය හරහා කොතතැල්ලෙන මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස බල කරමින් ප්‍රාදේශවාසින් හා වතු කම්කරුවන් පිරිසක් අද (28) උද්ඝෝෂණයක නිරත විය.
නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් 4 කණුව අසලයි මෙම උද්ඝෝෂනය සිදු කළේය.
සප්ත කන්‍යා කදුවැටිය , ලක්ෂපාන දිය ඇල්ල අසලින් ,ජම්බුතැන්න, කොත්තැල්ලෙන , හගරාපිටිය , හිටිගේගම , මාදෙණීය ,පොල්පිටිය හරහා කළුගල දක්වා කිලෝමිටර් 15වක දුරක් වු මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා මාර්ගය අධික ලෙස අබලන් වි ඇති බවයි උද්ඝෝෂනයේ නියැලී සිටි ප්‍රදෙශවාසින් කියා සිටියේය.
හැටන් සිට කොත්තැල්ලෙන දක්වා පමණක් ලංගම සහ පෞද්ගලික බස් රථ එම මාර්ගයේ ඉඳහිට ධාවනය කරන බවත් , පවත්නා මාර්ගය අබලන් විම නිසා ප්‍රදේශවාසින් විශාල පිරිසක් පෞද්ගලික වාහන, යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලින් ගමන් කරන බවත්,වාහන නොමැති ප්‍රදේශවාසින් පයින් ගමන් කරන බවයි උද්ඝෝෂනයේ නියැලි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
නෝටන්බ්‍රිජ් මාර්ගය හැරැණු කොට කොළඹ සිට ශ්‍රි පාද නල්ලතන්නිය දක්වා ඇති කෙටිම සහ විකල්ප මාර්ගය මෙය බවත් , මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නේනම් සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කර හැකි බව උද්ඝෝෂනයේ නියැලි ප්‍රදේශවාසින් වැඩිදුරටත් කියා සිටියේය.