ශ්‍රි පාදයේදී අද සිදුවුනදේ මෙන්න (ඡායාරූප සහිතයි)
April 23, 2018 05:18 pm
ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් විසින් පරිසරයට බැහැර කර තිබු ඝන අපද්‍රවය පහලට රැගෙන ඒමේ පාරිසරික වැඩසටහනක් නල්ලතන්නියේදී ක්‍රියාත්මක වු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
පරිසරය පුජනියයි යන සංකල්පය යටතේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය සරත් ඒකනායක මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති මෙම පාරිසරික වැඩසටහනට මධ්‍යම පළාතේ රාජ්‍යය ආයතනවල නිලධාරින් හා සේවකයන්, යුධ හමුදාව ,ශ්‍රි ලංකා පොලීසියේ විශාල පිරිසක් අද(23) එක්වි සිටිහ.
නල්ලතන්නිය සිට ශ්‍රි පාද මළුව දක්වා හැටන් මාර්ගයේ දෙපස වන්දනාකරුවන් විසින් පරිසරයට බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් , ඝන අපද්‍රව්‍යය මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් විසින් එක්රැස් කර පොලිතින් උර වල දමා තිබු ඝන අපද්‍රව්‍යයි මෙසේ පහලට ගෙන එනු ලැබුවේය.
එසේ පහලට ගෙන එන ලද ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍යය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය සරත් ඒකනායක මහතා විසින් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ රිකාටන් ප්‍රදේශයේ පිහිටි කැළිකසල ප්‍රතිචක්ක්‍රිකරණ මධ්‍යස්ථානය දක්වා රැගෙන යාමට නල්ලතන්නියේ පිහිටි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කැළිකසල ප්‍රතිචක්ක්‍රිකරණ කාර්යයාලය වෙත භාරදි තිබේ.
මෙම පාරිසරික සත්කාර වැඩසටහනට මධ්‍යම පළාත් ජෙෂ්ඨ නියොජ්‍යපති එස්.එම් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක අංශ නිලධාරින් මෙන්ම රාජ්‍යය ආයතන නිලධාරින් ද එක් ව සිටියේය.