සිඳුරළ නෞකාව අගමැතිගේ සුරතින් අධිකාරියට

සිඳුරළ නෞකාව අගමැතිගේ සුරතින් අධිකාරියට

April 20, 2018   01:25 pm



ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් අධිකාරියට පත් කර තිබේ.

ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගනයේදී  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ මෙම අධිතාක්ෂණික ගැඹුරු  මුහුදු නිරික්ෂණ නෞකාව ඊයේ (19) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර බාහලුම් පර්යන්තයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා අතින් අධිකාරියට පත් කිරිම සිදු කෙරෙනු බව නාවික හමුදාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නාවික නෞකා “සිඳුරළ” නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධිතාක්ෂණික නෞකාව නවීන තාක්ෂණයෙන් හා විශේෂිත අංගෝපාංග රැසකින් සමන්විතය.

දිගින් මීටර් 105යි දශම 07ක් සහ පළල මීටර් 13යි දශම 06ක් වන නෞකාවේ සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද සතු වන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.