දෙස් විදෙස් සංචාරකයන්ට ගුවනින් ශ්‍රී ලංකාව නැරඹීමේ අවස්ථාව හිමිවෙයි
April 13, 2018 03:56 pm
වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වර්තමානයට හා අනාගතයට ගැලපෙන ආකාරයට සැකසීම සඳහා ගුවන් හමුදාව විසින් 20 යි 25 දැක්ම නිර්මාණය කර ඇති බව ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතා පවසයි.
ගුවන් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ඕස්ට්‍රේලියා ගුවන් හමුදාව අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ නිළ ආරාධනයකින් එරටට ගිය අවස්ථාවේදියි.
ආර්ථිකයට හා රටේ සංවර්ධනයට ශක්තියක් වන ගුවන් හමුදාවක් නිර්මාණය කිරීම තම අරමුණ බව ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ගුවන් හමුදාවට අවශ්‍ය දෑ ගුවන් හමුදාව තුළම නිපදවීම ආරම්භ කර ඇති බවත් මෙය කටුනායක මූලික ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපිත කර ඇති බවද එතුමන් පැවසීය.
ශ්‍රී ලංකාවේ ගුවන ඉතාමත් ආරක්ෂිත බවත් සතියකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් මිලියන 600 ක මත්ස්‍ය සම්පත මෙරටට අහිමිවන බවත් මේවාගෙන් මෙරට මුහුදු සීමාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ගුවනින් ශ්‍රී ලංකාව නැරඹීමේ හැකියාව පවතින බවත් ගුවන් හමුදාව තුළ හෙළි ටුවස් නැමති ආයතනයක් පවතින බවත් දේශීය විදේශීය ඕනෑම සංචාරකයෙකුට ඒ හරහා ගුවන් යානයක් කුලියට ගෙන සංචාරය කිරීමේ හැකියාව පවතියි.
එසේම සෑම සඳුදා බදාදා හා සිකුරාදාවකම රත්මලානේ සිට ත්‍රිකුණාමලයටත් එතැන් සිට පළලි ගුවන් හමුදා කඳවුරටත් ගුවනින් ගමන් කිරීමේ හැකියාව දේශීය විදේශීය සංචාරකයන්ට පවතින බවත් මේ වන විට සංචාරකයින් විශාල පිරිසක් මෙම සේවාව භාවිතා කරන බවද ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කාළේය.