අගමැතිට එරෙහි විශ්වාසභංගයට ජවිපෙත් සහය දෙයි
April 4, 2018 11:54 am
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙන විවාදයට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,
‘විශ්වාස භංගය ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන සහ ගොඨාභය රාජපක්ෂ කල්ලියයි. විශ්වාස භංගයට වැඩ කළේ ගෝඨාභය කල්ලියයි. මහින්ද රාජපක්ෂ මහතා ලොකුවට වැඩ කළේ නෑ. මේ රටේ ලොකුම ජනවරම පාවා දීලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. රනිල් වික්‍රමසිංහ වගේම ඔහු හොරු රැක්කා. රනිල් වික්‍රමසිංහ මහතා දූෂිතයන් 50ක් ආරක්ෂා කළා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා 50ක් හෝ 51ක් ආරක්ෂා කළා. දූෂණයට එරෙහිව ජනවරම ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. එතුමා තමයි දෙවැනි ජුදාස්. තුන්වැනි පාවාදීම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.
විශ්වාස භංගයේ අත්සන් 56ක් තිබෙනවා. ඔබතුමාලා දීලා තියෙන එකේ තියෙන්නේ අත්සන් 55යි. පළමු වැනි අත්සන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. මේ විශ්වාස භංගය ජනාධිපතිවරයාගේ. මහින්ද රාජපක්ෂ මහතාවත් කවුරුවත් විශ්වාස භංගයට ගෙනාවේ නෑ. මේ විශ්වාස භංගය ගෙනාවේ පෙබරවාරි මස ඡන්දයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා. මුලින් කිව්වා අගමැතිට ඉල්ලා අස්වෙන්න කියන්න. වෙනම 113ක් හදාගන්න පුළුවන්ද කියලා බැලුවා. දූෂිතයො එකතු වෙලා 113ක හදාගන්න හැදුවා. ඒක බැරිවුණා. එතැනින් පස්සේ තමයි විශ්වාස භංගය ආවේ. මහින්ද රාජපක්ෂ රජයේ සිටි දූෂිතයන් ආරක්ෂා කිරීමට අගමැති කටයුතු කිරීමෙන් ඔහු ජනවරම පාවා දුන් බව බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියයි. විශ්වාස භංගයට තව එකතු විය යුතු කරුණු ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.