බුරුත කොට එක්ක 1ක් මාට්ටු

බුරුත කොට එක්ක 1ක් මාට්ටු

April 3, 2018   01:44 pm




යාපනයේ - කොඩිගාමම් පොලීසිය මඟින් තවත් බුරුත කොට තොගයක් 2 දා රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

වන්නියේ රක්ෂිත කැලෑවකින් මෙම බුරුත කොට තොගය කපා ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එක් සැකකරුවකු සමඟ බුරුත කොට තොගය අත් අඩංගුවට ගෙන ඇත.

මෙම බුරුත කොට සියල්ලම අඩි හතේ කැබලිවලට කපා තිබූ අතර එවැනි කොට 32 ක් ටිපර් රථයේ තිබූ බව පොලීසිය කියයි.

එම කොට තොගය යාපනයට රැගෙන ගොස් රුපියල් ලක්ෂ තුනකට අලෙවි කිරීමට සූදානමින් සිටි බවද කොඩිගාමම් පොලීසිය පවසයි.

කොඩිගාමම් පොලීසිය විසින්ම මීට දින කීපයකට පෙර බුරුත කොට තොගයක් අත් අඩංගුවට ගත් අතර  උතුරේ පොලිස් ස්ථාන කීපයක්ම මෑත කාලයේදී බුරුත කොට හා ලෑලි අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් එම පොලීසිවලට පවසා ඇත්තේ යාපනයේ පවත්වාගෙන යන විශාල පරිමාණයේ වඩු මඩුවකින් බුරුත් දැව සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවත්,එම දැව වෙනුවෙන් එම මඩුවෙන් ඉතා ඉහළ මිලක් ගෙවන බවත්ය.

පොලීසි කීපයකම නිලධාරීන් මේ වඩුමඩුව වැටලීමට ගොස් ඇතත් ඒ කිසිවෙකුටත් යාපනයේ වඩුමඩුව සොයා ගැනීමට නොහැකි වී තිබේ.