අත්අඩංගුවේ සිටි 17 හැවිරිදි තරුණයා මියයාම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
January 14, 2018 12:08 pm
පිටකොටුව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ 17 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් යටතේ පරීක්ෂණ සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි.