පකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගනියි- 123ක් මරුට

පකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගනියි- 123ක් මරුට

June 25, 2017   10:32 am



පකිස්ථානයේ බහාවල්පුර් ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේය.

අධිවේගී මාර්ගයක පෙරලී ගිය ඉන්ධන ප්‍රවාහන රථයකින් ඉන්ධන ලබාගැනීමට රැස්ව සිටි පිරිසක් තුවාල ලැබුවන් සහ මියගිය පිරිස අතර වන බව සඳහන්වේ.

ඒ අතර සිටි ඇතැම් පිරිස් දුම් පානය කරමින් සිට ඇති අතර ගින්න ඇතිවන්නට ඇත්තේ එමඟින් බවට විශ්වාස කරේ.

ගින්න හේතුවෙන් යතුරුපැදි 75 ක් / මෝටර් රථ 4 ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.

ගින්නෙන් මියගිය පිරිස අනතුර සිදුවු ප්‍රදේශයේම පුද්ගලයන් බවට සැක කෙරෙන අතර ඔවුන්ගේ මෘත ශරීර හඳුනා ගැනීම සඳහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කරන බව පකිස්ථාන බලධාරීන් ප්‍රකාශකර ඇත.

මෘත ශරීර හඳුනාගත නොහැකි ආකාරයෙන් පිළිස්සීම ඊට හේතුව වේ.