ප්‍රතිලාභ සේවකයින්ට නොලැබීමෙන් GSPඅහිමි විය හැකියි

ප්‍රතිලාභ සේවකයින්ට නොලැබීමෙන් GSPඅහිමි විය හැකියි

May 25, 2017   04:11 pm

මේ වන විට රටට හිමි වී ඇති GSPප්ලස් සහනයේ ප්‍රතිලාභවලින් සියයට 50 ක් සේවකයින්ට ලබා දෙන බවට පොරොන්දු වී තිබුණ ද එහි යම් ගැටළුකාරිත්වයක් පවතින බවත් ඒ තුළින් ඉදිරි වසර දෙක තුළ දී GSPප්ලස් අහෝසී වීමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බවත් ගෝලීය වෘත්තිය සමිතියේ ශ්‍රි ලංකා කවුන්සිලයේ සහකාර සභාපති ඇන්ටන් මාකස් මහතා පවසයි.

අද(25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

GSP සහනය ලබා ගැනීම සඳහා වෘත්තිය සමිති වශයෙන් තමන් ඇතුළු පිරිස ඍජු මැදිහත් වීමක් කළ බවත් බදු සහනය ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ නිෂ්පාදන සේවකයින් වෙත ලබා දීමේ අරමුණින් එය සිදු කළ බවත් මාකස් මහතා කියා සිටියේය.

මේ අතර මෙම ප්‍රතිලාභ ලබා දෙන බවට කම්කරු අමාත්‍යවරයා පොරොන්දු වු බවත් එලෙසින්ම එය සේවකයින්ට ලබා දීම වගකීමක් වන බව ද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ද මෙවැනි ක්‍රියා සිදු වු බවත් එනිසා GSPප්ලස් රටට ගිලිහි ගිය බවත් බවත් පැවසු මාකස් මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙහි ප්‍රතිලාභ හිමි විය යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ මාර්ග සිතියමක් සකසා මේ වන විටත් අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දී ඇති බවයි.