අධිවේගය භාවිතා කරන්නන්ට ඉල්ලීමක්

අධිවේගය භාවිතා කරන්නන්ට ඉල්ලීමක්

April 14, 2017   02:54 pm


දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කිරිමේදී වේගසීමා පිළිබඳ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලීමක් කරයි.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිත කිරිමේදී වැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව ඔහු පවසයි.

වර්ෂාව පවතින අවස්ථාවලදී පැයට කිලෝමිටර් 60 ත් 80ත් අතර වේගය පවත්වා ගැනීමට සැලකිලිමත්වන ලෙස   එස්. ඕපනායක මහතා දැනුම්දීමක් කරයි..

දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට  ඊයේ පස්වරුවේ ද අධික වර්ෂාපතනයක් පැවැති අතර වර්ෂාව පවතින අවස්ථාවලදී මාර්ගය අපහැදිලි ස්වභාවයක් ගත් බව වාර්තා විය.

එමෙන්ම උත්සව සමය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන රථ වාහන සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර අනතුරු අවම කර ගැනිම සඳහා හැකි සෑම විටම වම් මං තීරුව පමණක් භාවිත කරන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පෙන්වාදෙයි.