ගණිතයේ නොබෙල් ත්‍යාගය වන Fields පදක්කම මෙවර චීන ජාතිකයින් දෙදෙනෙකුට

ගණිතයේ නොබෙල් ත්‍යාගය වන Fields පදක්කම මෙවර චීන ජාතිකයින් දෙදෙනෙකුට

July 24, 2026   12:58 pm

ගණිතයේ විශිෂ්ට සොයාගැනීම් සඳහා වන ජාත්‍යන්තර පදක්කම ලෙස සැලකෙන Fields පදක්කම් පිරිනැමීම ඊයේ (23) අමෙරිකාවේදී පැවැත්විණි.

එහිදී ගණිතඥයෙකුට ලබා ගත හැකි ඉහළම ගෞරවය ලෙස සැලකෙන Fields මෙම පදක්කම මෙවර චීන ගණිතඥයන් දෙදෙනෙකුට හිමිවිය.

ඒ චීනයේ ගණිතඥයින් දෙදෙනෙකු වන Deng Yu සහ Wang Hong වෙතය.

එහිදී Fields පදක්කම පිරිනැමීම අරඹා මේ දක්වා කාලය තුළ එය දිනාගත් ලොව තෙවන කාන්තාව බවට Wang Hong මෙවර ඉතිහාසයට එක් වීම ද විශේෂත්වයකි.

මෙය චීන ගණිතඥයන් Fields පදක්කම් දිනාගත් පළමු අවස්ථාවද වේ. 

ජාත්‍යන්තර ගණිතඥයින්ගේ සම්මේලනයේ මූලිකත්වයෙන් සෑම වසර හතරකට වරක් මෙම Fields පදක්කම පිරිනැමෙන අතර ඒ වයස අවුරුදු 40ට අඩු ගණිතඥයන් අගයමිනි.

එම සෑම අවස්ථාවකදීම මෙම සම්මානය හිමිවන්නන් සංඛ්‍යාව සිවුදෙනෙකුට වඩා වැඩි නොවන බව ද වාර්තා වේ.

ශාස්ත්‍රීය වශයෙන් ඇති ඉහළ පිළිගැනීම සහ තේරීම් ක්‍රමවේදය තුළ පවතින විධිමත් නිර්ණායක හේතුවෙන් මෙම Fields පදක්කම සැලකෙන්නේ, ගණිතයේ "නොබෙල් ත්‍යාගය" ලෙසය.