අධිකරණ අමාත්‍යාංශයෙන් මරණයට කැපවූ ගවයෙකුට ජීවිත දානය
July 22, 2026 01:54 pm
මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය ලබාදී නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මය අද (22) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරුණි.
ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවියගේ ප්‍රධානත්වයෙනි.
අමාත්‍යාංශ ප්‍රසම්පාදන අංශය මඟින් දෙවන වරටත් මෙම පුණ්‍යකර්මය සංවිධානය කර තිබුණි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයයේ සියලුම නිලධාරීන්ගේ දායකත්වය ඇතිව සිදුකරන ලද මෙම පුණ්‍ය කර්මය සඳහා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
