සුබ්‍රමණියම් සුනඛයාට අවසර නොලැබෙන ලකුණු
July 6, 2026 05:13 pm
කතරගම පාද යාත්‍රාව සඳහා ගමන් කරනු ලබන පිරිස සමඟ කිලෝමීටර් 470කට අධික දුර ප්‍රමාණයක් ගමන් කරන සුබ්‍රමණියම් නමැති සුනඛයා සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියවී සිටියි.
එම සුනඛයා, බැතිමතුන් මෙන්ම නිර්මාංශ ආහාරයට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ සිට මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කය දක්වා පැමිණ තිබේ.
මෙවන් පසුබිමක සුබ්‍රමණියම් නමැති සුනඛයාව වනය තුළට රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසට වන ඉල්ලීමක් පාද යාත්‍රාවේ නඩේගුරා විසින් ඉල්ලීමක් සිදු කර ඇතැයි සඳහන්ය.
පරිසරවේදී කන්දෛයියා ප්‍රියදර්ශනි පෙන්වා දෙන්නේ, අදාළ සුනඛයාට මෙම පිරිස සමඟ ගමන් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුවට තහනමක් පැනවීමට නොහැකි බවය.
කෙසේවෙතත් පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන සෙසු ජනයාගේ සහ සුනඛයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට එම දෙපාර්තමේන්තුව විසින් සුනඛයාට රැගෙන යාමට අවසර ලබා නොදෙනු ඇති බව ද ඇය අවධාරණය කළාය.
එමෙන්ම ලබන 10 වෙනිදා කැලෑ පාර විවෘත කිරීමෙන් අනතුරුව අදාළ සුනඛයාව පරිසරවේදීන්ගේ භාරයට ගෙන වාහනයකින් කතරගම ප්‍රදේශයේ 'පිල්ලයාර්යඩි' නමැති ස්ථානයේදී යළිත් එම සුනඛයාව මෙම කණ්ඩායම වෙත භාරදීමට තීරණය කර ඇති බව සඳහන්ය.
පානම ප්‍රදේශයේ දින තුනකට පෙර දිවියන්ගේ ප්‍රහාරවලට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු සහ සුරතල් සතුන් දෙදෙනෙකු ද මිය ගොස් ඇති බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
