නොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් ගුරුවරිය
June 18, 2026 09:36 am
යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ගුරුවරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මැදවච්චිය, පූනෑව පොලීසිය පවසයි.
අද(18) උදෑසන මහනුවර සිට වවුනියාව දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව යතුරුපැදියේ ගමන්ගත් ගුරුවරියක් බස් රථයේ පසුපස රෝදයකට යටවීමෙන් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස අවාසනාවන්ත මියගොස් ඇත්තේ පූනෑව,ගල්කන්දේගම විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කළ 56 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පූනෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
