තිරිංග ක්‍රියා විරහිත වී ටිපර් රථයක් අනතුරක
June 9, 2026 11:00 am
වලපනේ කිර්ති බණ්ඩාරපුර සිට මස්කෙළිය දක්වා වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ටිපර් රථය කන්දක ගැටී නතර වී ඇති බව නානුඔය පොලීසිය පවසයි.
අද (09) දින උදෑසන 6:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය වටරවුම් මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය ආසන්නයේදිය.
නුවරඑළිය නානුඔය ප්‍රධාන මාර්ගයේ අද අලුයම පැවති අධික මීදුම් තත්ත්වයත්, පවතින අයහපත් කාලගුණයත් හමුවේ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ තිරිංග අඛණ්ඩවම ක්‍රියාත්මක කර ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස ටිපර් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බව සඳහන් වෙයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නානුඔය පොලීසිය පවසයි.
මේ අතර පවතින අයහපත් කාලගුණය සහ ඝණ මීදුම් තත්ත්වය හමුවේ නුවරඑළිය හැටන් මාර්ගයේ රථවාහන ධාවනයේදි සැළකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරවන ලෙස නානුඔය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
