යාචක ගැටුමක් මරණයකින් කෙළවර වෙයි

යාචක ගැටුමක් මරණයකින් කෙළවර වෙයි

June 7, 2026   01:40 pm

නාත්තන්ඩිය නගරයේ යාචකයින් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් තියුණු ආයුධ පහරකින් එක් යාචකයකු එම ස්ථානයේදීම මරණයට පත්ව සිටියදී  අද (07) සොයා ගත් බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 58 හැවිරිදි කාක්කපල්ලිය පදිංචි මාජීනා තිලක් මිරැන්ඩෝ නැමති යාචකයකු ලෙස කලක් නාත්තන්ඩිය නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයකු බව සඳහන් වෙයි.

මෙම යාචකයින් අතර නිරන්තර ගැටුම් ඇතිව තිබී ඇති බවත් ඊයේ රාත්‍රියේ නැවතත් කිසියම් සිද්ධියක් මුල්කර ගනිමින් ගැටුම හටගෙන තිබේ.

එහිදී මෙම ඝාතනයට සම්බන්ධ බව කියන යාචකයින් දෙදෙනෙකු විසින් එල්ලකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දරුණු තුවාල ලබා රැදි සිටි යාචකයා එම ස්ථානයේදීම මරණයට ලක්ව තිබු බව පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ යාචකයින් දෙදෙනෙකු මාරවිල මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.‍

සිද්ධිය සම්බන්ධයෙන්  මාරවිල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.