සේනවල්ලි වැවේ ගිලී පුද්ගලයෙකු මරුට
May 17, 2026 10:51 am
තඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි තඹලගමුව, අර්ෆානගර් ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් වෙයි.
අදාළ පුද්ගලයා වැවක මසුන් අල්ලමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත සිහිසුන්ව දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
