ආර්ථික අභියෝග ගැන නාමල්ගේ මතය

ආර්ථික අභියෝග ගැන නාමල්ගේ මතය

May 17, 2026   09:37 am

අපගේ උදාරතම ජයග්‍රහණ අත් කරගත්තේ, සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියාකළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා හොංකොං හිදී පැවති 2026 ආසියානු සංස්කෘතික පොදු සුබසාධන සංසදය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, 

"ගෝලීය සමබරතාවය පෙරදිග දෙසට ගමන් කරමින් පවතී. 2030 වනවිට, අපේ මහද්වීපය සමස්ත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් 60%කට පමණ දායක වෙමින්, ගෝලීය ආර්ථිකයේ ප්‍රබලතම ගාමක බලවේගය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නමුත් අප නැගී එන විට, සරල ප්‍රශ්නයක් පැන නගී. එනම් අප කෙබඳු ආකාරයේ ශිෂ්ටාචාරයක් බවට පත් වනු ඇතිද? යන්නයි. නවීකරණය අපගේ අනන්‍යතාවය දුබල කරයිද? තාක්ෂණය මනුෂ්‍යත්වයට සේවය කරයිද නැතිනම් එය අබිබවා යයිද? ආර්ථික අභිලාෂයන් සොබාදහම ආරක්ෂා කරයිද නැතිනම් එය විනාශ කරයිද? මේවා ශිෂ්ටාචාරාත්මක ප්‍රශ්න."