ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට
February 21, 2026 03:16 pm
හබරාදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ එම හෝටලයේම සේවය කරන බාර්මන්වරයෙකු (Barman) උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජංගම දුරකථනය අස්ථානගත වීම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් සිදු කර මෙම සැකකරු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත අදාළ දුරකථනයද සමඟ සිය නිවසට වී සිටි සැකකාර බාර්මන්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
