දකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයි
February 6, 2026 04:05 pm
දකුණු ආසියානු කලාපය තුළ සාමය සහ සහජීවනය ඇති කිරීම උදෙසා ජනමාධ්‍ය සතු කාර්යභාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන විශේෂ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද (06) දිල්ලි විශ්වවිද්‍යාලයේ ගාන්ධි භවන් පරිශ්‍රයේදී පැවැත්විය.
මෙම සුවිශේෂී වැඩසටහන SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SJF) ඉන්දීය ශාඛාව සමඟ ඒකාබද්ධව සංවිධානය කර ඇති අතර දකුණු ආසියානු රටවල සාමය සහ සහජීවනය,මාධ්‍ය නිදහස උදෙසා ජනමාධ්‍යයේ කාර්යභාරය මෙහි ප්‍රධාන තේමාව වේ.
මෙම සුවිශේෂී වැඩ සටහන සඳහා ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් කීපයක් නියෝජනය කරමින් පැමිණෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ දූත පිරිසක් මෙහි දේශන පවත්වනු ලැබීමට නියමිතය.
මෙම වැඩ සටහන සඳහා SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ජ්‍යාත්‍යන්තර සභාපති රාජු ලාමා (Raju Lama මහතා, ලේකම් අබ්දුර් රහ්මාන් (Abdur Rahman),SJG ජාත්‍යන්තරයේ මධ්‍යම විධායක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය ස්මිතා මිශ්‍රා (Pro. Smita Mishra ) ඉන්දියාවේ සභාපති ආචාර්ය අනිරුධ් කුමාර් සුධංෂු (Anirudh Kumar Sudhanshu), ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකාවේ සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රමුඛ මාධ්‍යවේදීන් කණ්ඩායමක් හා තවත් කලාපිය නායකයින් රැසක් මේ සඳහා සහභාගී විය.
"සාමය සහ සහයෝගිතාව" රුක් රෝපණය
මෙම වැඩසටහනට සමගාමීව කලාපීය මිත්‍රත්වය සංකේතවත් කරමින් රුක් රෝපණ වැඩසටහනක් ද (6)අද සිදුකෙරුණි.
මෙහිදී රෝපණය කරනු ලබන වෘක්ෂයන් "සාමය" (Peace) සහ "සහයෝගිතාව" (Co-operation) ලෙස නම් කිරීමට නියමිත අතර, එය දකුණු ආසියානු රටවල් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සංකේතයක් වනු ඇති බවත් සඳහන් වේ.

