ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර

January 11, 2026   02:27 pm

කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘති මධ්‍යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන්වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවයක් ඊයේ (10) එම පිරිවනේදී පැවැත්විණි.

කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආචාර්ය අනුකුරන් දත්තා (Dr.Ankuran Dutta) මහතාගේ සහභාගීත්වයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

මූලික පිරිවෙනක් ලෙස 2012 වසරේදී ආරම්භ වූ බානලග උපතිස්ස පිරිවෙන 2025 වසරේදී මහ පිරිවෙනක් ලෙස උසස් කරනු ලැබිණු අතර බානගල උපතිස්ස මහ පිරිවෙනේ භික්ෂුන් වහන්සේලා 100කට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපනය හදාරනු ලබති.

අතිශය දුෂ්කර ගම්මානයක ඉතාමත්ම විධිමත්ව ගෞරවාන්විතව පවත්වා ගෙන යන බානගල උපතිස්ස පිරිවෙනට පැමිණීමට ලැබීම සහ ඉන්දියානු රජය වෙනුවෙන් එම පිරිවෙනට අනුග්‍රහය දැක්වීමට ලැබීම විශාල භාග්‍යයක් කොට සලකන බව ආචාර්ය අනුකුරෙන් දත්තා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

පරිවේනාධිපති පූජ්‍යපාද පණ්ඩිත වලල්ලාවිට නන්ද හිමිපාණන්ගේ ඇරයුමෙන් ආචාර්ය අන්කුරන් දත්තා  මහතා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට ද එක් වූ අතර මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකාජී විහාරාධිකාරි කොස්වත්තේ පාලිත හිමියෝ ද සහභාගි වූහ.