මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩිවී ඇතැයි හෙළිදරව්වක්
November 24, 2025 01:09 pm
මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
මේ හේතුවෙන් දරුවන් අවදානමට ලක්වන බවත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ගර්භණී මව්වරුන් වෙත ඇතිවන සංකූලතා කිසිදු ලෙසක පියවිය නොහැකි බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
ඒ අනුව කාන්තාවන් මින් මුදවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා මව්වරුන්, කාන්තාවන් සියල්ලන් දැනුවත් කළ යුතු බවත් ඒ සඳහා නව යොවුන් වියේ පසුවන තරුණියන්ගෙන් ආරම්භ කළ යුතු බවත් ඇය පැවසුවාය.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (23) “ගර්භණී මාතා හරසර” නමින් ගැබිණි මව්වරුන් උදෙසා මානසික සුවතා වැඩසටහනක් සහ දරු ප්‍රසූතියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටල පිරිනැමීමක් කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.
කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කලුගේ මහතාගේ සංකල්පයක් පරිදි නගර සභා අරමුදල් මගින් නගර සභා සීමාව තුළ පදිංචි මව්වරුන් 80 දෙනෙකු වෙනුවෙන් මෙහිදී ප්රතිලාභ ප්රදානය සිදුවිය.
වැඩසටහන ආරම්යේදීම මව්වරුන් සඳහා සුවපත් දරු උපතක් ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනයක් සිදු කළ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චමින්ද හුණුකුඹුර මහතා විසින් ගර්භනී සමය හා පූර්ව සූදානම පිළිබඳ මවුවරුන් දැනුවත් කිරීමද සිදුවිය.

