සමාජය වෙලා ගත් මත්උවදුරට එරෙහිව පාගමනක්
November 14, 2025 09:33 pm
මත් උවදුරට එරෙහිව ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ අද (14) පාගමනක් පැවැත්විණි.
ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් සාමකාමී පාගමනකින් ගම හරහා ගොස් මත්ද්‍රව්‍ය හා දුම්වැටිවල ආදිනව පිළිබඳව ජනතාව දැනුම්වත් කරනු ලැබීය.
නබවියියාහ් දැනුවත් කිරිමේ කණ්ඩායම සහ තලාපිටිය ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කළ මෙම මත්ද්‍රව්‍ය විරෝධී පාගමන තලාපිටිය මුහියද්දින් ජුම්මා මස්ජිදය ඉදිරිපිටින් ආරම්භ විය.
එම පාගමන ආරම්භ වී ගම හරහා වීදි සංචාරය කළ පසුව ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්ද පවත්වා දැනුවත් කිරීමක්ද සිදු කරනු ලැබීය.

