පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි

පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි

March 21, 2024   11:26 am

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.

එහිදී පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ගේ සුභසාධන ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර, පොලිස් ස්ථානයේ ගොඩනැගිලි හා එක් එක් අංශ පරීක්ෂාවක්ද සිදුකර ඇත.

නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද එක් එක් ගැටලු සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම පොලිස්පතිවරයා විසදුම් ලබාදී ඇති අතර, ඉදිරියේදී මෙවැනි ආකාරයේ පොලිස් ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් සිදුකරනු ලබන බව පොලිස්පතිවරයා විසින් උසස් නිලධාරීන් වෙත පවසා ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.