මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
January 9, 2022 02:32 pm
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සලිදුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (09) වස්කඩුව ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 63ක් සහ මුදලින් ලක්ෂ 7ක්ද සොයාගෙන තිබේ.