මහින්දගේ සැකය

මහින්දගේ සැකය

May 22, 2019   04:05 pm

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටින බවත් එම තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප‍්‍රශ්න ඇති කරන්නක් වන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය. 

"අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්. ත‍්‍රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා.

නමුත් ඒ කාලේ මේ විදියට රට අස්ථාවර වුනේ නැහැ. 

එදා ත‍්‍රිවිධ හමුදාව ඇතුලූ රටේ නායකත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබුණා. 

මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇති වුණා.  

අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි. 

මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කලේ නැහැ. 

පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත‍්‍රණය යොදා ගැනීමයි. මෙවැනි වාතාවරණයක් රටට උදාවුනේ මේ නිසයි."

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා,

විශ්වාසභංග යෝජනාව කාරක සභාවකට දාලා තියෙන්නේ. විපක්ෂය විදියට අපි රැස් වෙලා තීරණය කරනවා මෙයට අපි යායුතුයිද කියලා. 

එයාලාගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම වැඩියි කියලා දැන දැනත් අපි ගිහින් එතැන වාඩිවෙලා ඉන්න  ඕනෙද කියලා අපේ හදවත් විමසනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.