ඉදිරි දිනවල වැස්ස වැඩි වෙයි-අදත් තැන් කීපයකට වැසි

ඉදිරි දිනවල වැස්ස වැඩි වෙයි-අදත් තැන් කීපයකට වැසි

May 22, 2019   06:23 am

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

අද (22) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක.