දෙහිවල ඝාතකයා බෝම්බය පුපුරවා ගත් හැටි-CCTV දර්ශන සහිතයි

දෙහිවල ඝාතකයා බෝම්බය පුපුරවා ගත් හැටි-CCTV දර්ශන සහිතයි

April 29, 2019   07:12 pm

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පුපුරුවා ගත් ඝාතකයා බෝම්බ පිපිරුම සිදුකර ගන්නා ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන මේවන විට අප වෙත ලැබී තිබේ.

එහිදී ඝාතකයාගෙන් මහජනතාව ප්‍රශ්න කරන අයුරු දැක්වෙන රූපරාමු පෙළක්ද අප වෙත ලැබී තිබේ. 

පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ලැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජලීල් මොහොමඩ් නැමැත්තා එදින පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණෙන්නේ එහිදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරාව ගැනීම සඳහායි.

තෙවතාවක් ඒ සඳහා උත්සහ දැරූවට එය ව්‍යාර්ථවීම නිසා ඇදගෙන යා හැකි බෑගයක්ද සමගින් පෙරවරු 8.49ට ඝාතකයා එම ස්ථානයෙන් පිටත්වීමට පැමිණෙයි.

අනතුරුව ඝාතකයා එම ස්ථානයෙන් පෙරවරු 8.52ට පිටව යන්නේ ඇදගෙන යා හැකි ගමන් මළු දෙකක්ද සමඟින්ය.

එහිදී කලබල වී සිටින ඝාතනයාට එක් ගමන් මල්ලක් අමතකවීම නිසා හෝටල් සේවකයෙකු එය ඔහුට පෙන්වාදෙන අයුරුයි මෙලෙස ආරක්ෂිත කැමාරවේ සටහන්ව තිබුණි.

අනතුරුව අදාළ සේවකයා විසින් එම ගමන් මල්ල රැගෙන එන අතරතුර පිටවීමේ දොරටුවේදී අනෙක් ගමන් මල්ල  එහි සිරවන්නේ පෙරවරු 8.53ටයි.

එහිදීද තවත් හෝටල් සේවකයෙකු පැමිණ එය ඝාතකයාවෙත රැගෙන ගොස් දෙනුලබයි.

අනතුරුව ඝාතකයා එම ස්ථානයෙන් සිය ගමන් මලු දෙකද රැගෙන ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවයන අයුරුද ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුණි.

එහිදී ඝාගනයා විසින් කොල්ලුපිටිය දෙසින් පැමිණෙන මෙම ත්‍රී රෝද රථයට ගොඩවන්නේ පෙරවරු 8.55ටයි.

එහි නැගි ඝාතකයා පෙරවරු 9.09ට පමණ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත යන අයුරුයි මේ.

ඒ අනුව විනාඩි 12ක් පමණ එහි රැඳී සිටි ඝාතකයා සිය ගමන් මලු එහි තබා තනිව පෙරවරු 9.21ට දෙහිවල සත්වෝද්‍යානය දෙසට ගමන් කරයි.

අනතුරුව පස්වරු 12.35ට පමණ දෙහිවල පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගොස්පැමිණි සිටින අයුරුයි මේ.

එහි විනාඩි 03ක් පමණ රැඳී සිටින ඝාතකයා ඉන් පිටතට ගොස් පඩිපෙලෙහි රැඳී සිටින්නේ මෙලෙසින්.

අනතුරුව කලබලයෙන් මෙන් නැවත දේවස්ථානය තුළට ඝාතකයා පිවිසෙනවා.

එහිදී දෙවියන් යැදීමෙන් පසු ඝාතකයා විසින් යලිත් වතාවක් දේවස්ථානය වෙත කොනකට ගොස්ළවරක වාඩිවී සිටියි.

අනතුරුව යළිත් වතාවක් දේවස්ථානයට පැමිණ සිටින පිරිස සමග ඝාතකයා යාඥා මෙහෙයකටද එක්ව තිබේ.

ඉන්පසුපැය දෙකහමාරකට ආසන්න කාලයක් දේවස්ථානය තුළ රැදීසිටින ඝාතකයා පසුව දේවස්ථානයෙන් පිටතට පැමිණි එහි සිටින පිරිසක් සමගඟ කතාබහ කරමින් සිටියි. 

එහිදී ඔහු සම්බන්ධයෙන් සැකසිතන පිරිසක් ඔහුගෙන් ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත් එහිදී ඔවුන්ගෙන් බේරීයන ඔහු එම ස්ථානයේ බයෙන් මෙනි රැඳී සිට තිබේ.

අනතුරුව ඝාතකයා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත මෙම කොළ පැහැති ත්‍රී රෝද රථයෙන් පැමිණෙන්නේ පෙරවරු 1.25ට වන අතර ඔහු ලැගුම්හල පිහිටි මාර්ගය පසුකරමින් ගොස ඉන්බැස යන ආකාරයද ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුණි.

ඒ අනුව ට්‍රොපිකල් ඉන් ලැගුම් හල වෙත යන ඝාතකයා විනාඩි 05ක් පමණ එහි රැඳී සිට දහවල් 1.30ට බෝම්බය පුපුරුවා ගත් අයුරුද ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුණි.