කන්දේගෙදර උපනන්ද හිමි ඌව වෙල්ලස්ස දෙදිසාවේ අධිකරණ සංඝනායක තනතුරට

March 17, 2019   10:18 pm

මීරිගහවත්ත මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාව වෙතින් ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර පිරිනමා ඇත.

ඒ පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැනීමේ මහෝත්සවය මහනුවර මල්වතු මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභාවේ මූලිකත්වයෙන් අද (17) දින මල්වතු මහා විහාරයේදී සිදුකර ඇත.

සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය ශ්‍යාමෝපාලි මහා නිකායේ විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  මීරහවත්ත මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී මෙම මස 19වන දින සිදු කිරීමට නියමිතව ඇත.