අමානුෂීක මිනිසුන් සිදුකරන වන විනාශය

අමානුෂීක මිනිසුන් සිදුකරන වන විනාශය

March 12, 2019   02:09 pm

කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයට අද (12) දහවල් කිසියම් පිරිසක් ගිනි තබා ඇතිබව කොස්ලන්ද පොලීසිය පවසයි.

පැය කීපයක් තිස්සේ පැතැර ගිය ගින්න හේතුවෙන් මේ වන විට රක්ෂීතයේ අක්කර  10 ක පමන බිම් කොටසක් පිළීස්සී විනාශයට පත්ව ඇත.

වන සතුන් දඩයම් කිරීමට හෝ  විනෝදය සඳහා තබන ලද ගින්නක් මෙලෙස පැතිර යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

 අද (12) දහවල් 1.00 පමන වන විටත්   ගින්න පැතිර යමින් තිබූ අතර කොස්ලන්ද පොලීසිය, දියතලාව යුද හමුදා කඳවුරේ හා දියතලාව ගුවන් හමුදා කඳවුරේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.

පැතිර යමින් පවතින් ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා ගහ කොල  රැසක් හා සත්ව විශේෂ රැසක් විනාශයට පත්ව ඇතැයිද ප්‍රදේශයේ ජනතාව පවසති.