ETI තැන්පත් කරුවන් පිරිසක් අදත් විරෝධතාවයේ
January 2, 2019 10:02 pm
ETI තැන්පත්කරුවන් හා එම මූල්‍ය ආයතනය පවරාගනු ලැබූ බව කියන පෞද්ගලික සමාගමක සේවකයින් අතර අද(02) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.
ඒ, එම සමාගම අසල දී ETI තැන්පත්කරුවන් සිදුකළ විරෝධතාව අතරතුරයි.
ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය බොරැල්ලේ පිහිටි එම මූල්‍ය ආයතනය ඉදිරිපිටට අද දහවල් පැමිණ විරෝධතාවයක නිරත වුණි.
එම පෞද්ගලික සමාගම ETI මූල්‍ය ආයතනය පවරා ගෙන ඇති බවට ඔවුන් එහිදී චෝදනා කළ අතර, එලෙස පවරා ගෙන ඇත්නම් එය තහවුරු කෙරෙන ලියවිල්ලක් ලබා දෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.
එහිදී ETI මුදල් තැන්පත්කරුවන් සහ එම සමාගමේ සේවක පිරිස අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.
පසුව පොලිසීයද එම ස්ථානයට පැමිණි අතර, අදාළ සමාගමේ හිමිකරුවෙකු බව පැවසෙන පුද්ගලයෙක්ද එහි පැමිණියේය.
මේ අරත නොසන්සුන් තත්ත්වය අතරතුර කාන්තාවක් විසින් අදාළ ආයතනයේ සේවකයෙකුට හිස් ආවරණයකින් පහර දෙන ලදි.
මේ අතර පොලිසියේ මැදිහත් වීමෙන් අදාළ පෞද්ගලික සමාගමේ සේවකයින් පිරිස ආයතන පරිශ්‍රයෙන් පිටත් කර යැවුණි.
