උත්තමාචාරය...
June 30, 2026
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ.
ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම උසස් කිරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස 2024 දෙසැම්බර් 31 වනදා රාජකාරී ආරම්භ කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදා සම්ප්‍රදායානුකූල විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාරයට ලක්කර තිබේ.
එම උත්තමාචාර උත්සවය අද නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.