ජල ගැලීම්

ජල ගැලීම්

May 14, 2026  

Bookmark and Share
මහ වැස්සට පුත්තලමේ පුද්ගලයින් පවුල් 7206ක පුද්ගලයින් 27178 ක් පිඩාවට පත් වී තිබේ.

අධික වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුත්තලම, වනාතවිල්ලව, ආණමඩුව යන ප්‍රාදේශීය ලේකම් තුනක පවුල් 7206ක පුද්ගලයින් 27222 දෙනෙකු දැඩි පිඩාවට ලක්වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම් .ඉන්දික සිල්වා මහතා පවසයි.

ඒ සමඟම ගෙවුන පැය 24 තුළදි වැඩිම වර්ෂාපතනය පුත්තලමින් වාර්තා වී තිබු අතර එය මීලි මිටර් 254.6ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.