විසිරයාම...
January 8, 2026
ශ්‍රී ලංකා පොලිසිය වන අපගේ ප්‍රධාන අරමුණ මාතෘ භූමිය තුල නීතිය සුරක්ෂිත කර පවත්වාගනිමින් මහජනතාව වන අප සියල්ලට එදිනෙදා ජීවිතය සාමකාමීව ගතකිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමයි.
ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය ශක්තිමත් කරවීම වෙනුවෙන් අප හා එක්වූ තවත් ජවසම්පන්න තරුණ කණ්ඩායමක් අභිමානවත් රාජ්‍ය නිලධාරීන් ලෙස සමාජ ගත කරවීම 2026.01.04 වන දින සවස පහලගම පොලිස් විද්‍යාලයේදී උත්සවාකාරයෙන් සිදුකෙරුනි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අභිමානවත් විසිරයාමේ උළලේදී පොලිස් කොස්තාපල්වරුන් 240 දෙනෙකු වශයෙන් හා ආධුනික පොලිස් රියදුරු 74 දෙනෙකු වශයෙන් 2025.06.08 වන දින නිකවැරටිය හා පහලගම යන පොලිස් ස්ථාන වෙත වාර්තා කළ ආධුනික නිලධාරීන් 314 දෙනෙකු විසිරයන ලදී.
මාස 07 ක කාලයක් නීතිය, ප්‍රයෝගික පොලිස් පුහුණුව වැනි පොලිස් සේවයට අවශ්‍ය සියලු ශිල්පයන් පොලිස් විදු මව් සෙවණේ ප්‍රගුණ කර මූලික පුහුණුව සම්පූර්ණ කළ ඔවුන් අතරින් සුවිශේෂීව කැපී පෙනුනු පහත නම් සඳහන් ආධුනික නිලධාරීන්ව ඇගයීමද උළෙල අතරතුර සිදුකෙරුනි.
දක්ෂතම වෙඩික්කරු - ආධුනික පොලිස් කොස්තාපල් 107695 ඉමේෂ් පසිදු විදාන පතිරණ. දක්ෂතම රියදුරු - ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 107837 ආනන්ද දිසානායකගේ ඩිල්ෂාන්. නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික නිලධාරී - - ආධුනික පොලිස් කොස්තාපල් 107616 ජයරන්ගේ තේණුක දේමින්ද සේනානායක. සෑම ආකාරයෙන්ම අති දක්ෂතම ආධුනික කොස්තාපල් රියදුරු - ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 107812 ඌවේ හන්ගිලි ගෙදර චතුර ධනංජය හේරත්. සෑම ආකාරයෙන්ම අති දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් - ආධුනික පොලිස් කොස්තාපල් 107599 දිසානායක මුදියන්සේලාගේ ශාමික දිල්ශාන් දිසානායක.
පොලිස් කොස්තාපල්වරුන් ඇණි 10 කින් සමන්විත වූ මෙවර විසිරයාමේ උළෙලේ සම්මාන පෙළපාලිය ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවනු ලැබුවේ නෙදර්ලන්තයෙන් ගෙන්වූ බීච්වේලි නම් අසු පිටනැගි කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා විසින්ය. දෙවන අණදෙන නිලධාරී ලෙස ඇල්පිටිය පොලිස් විද්‍යාලයේ පාලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි.ඩි මිලාන් ඔෂන්ත මහතා කටයුතු කරන ලදී. ඇණි පිටිය වෙත ගෙන ඒ්ම පහලගම පොලිස් විද්‍යාලයේ පොලිස් සැරයන් 33340 ප්‍රියන්ත නිලධාරියා විසින් ඉටුකරන ලදී.
විසිරයන නිලධාරීන්ගේ ගාම්භීර උත්තමචාර පෙළපාලියෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම පුහුණු දිසාව අනුර පුෂ්පකුමාර මහතා විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුලුව පැමිණ සිටි පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්යංශය සහ පුහුණු හා උසස් පුහුණු නීතිඥ සම්පත් කුමාර ලියනගේ, නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම පුහුණු දිසාව අනුර පුෂ්පකුමාර, පොලිස් විද්‍යාල කොට්ඨාසයේ අධ්යක්ෂව සිට අද දින ව්ශ්රාම ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රධාන රාජ්‍ය/පුද්ගලික ආයතනයන්හි මුලසුන් හොඹවමින් උත්සවය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන් සහ හිතවතුන් සාදරයෙන් පිළිගත්තේය.
උත්සව සභාව ආමන්ත්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නවක නිලධාරීන්ට සුභාසිංශන එක්කර පොලිස් සේවයේ යහපත් වෘත්තීයභාවයෙන් නිරතවීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම් පිළිබඳව පැහැදිලි කළහ.
සුපුරුදු පරිදි විසිර යාමේ උළල රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් සමාප්තකිරීමට පොලිස් බටහිර තූර්ය වාදන කණ්ඩායම, පොලිස් සංස්කෘතික කොට්ඨාසය හා පොලිස් විද්‍යාලයේ යතුරුපැදි කණ්ඩායමත් කටයුතු කරන ලදී.