විසිරයාමේ පෙළපාලිය
December 21, 2025
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු'යිද සියලුදෙනාට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (21) පෙරවරුවේ එක් වෙමිනි.