සරුංගල්...
August 24, 2025
දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.
සරුංගල් සැණකෙළියේ තරගකරුවන් ලියාපදිංචිය අද (24) උදෑසන සිදු කෙරුණු අතර ඒ සඳහා තරගකරුවන් රැසක් එක්වී සිටිනු දක්නට ලැබිණි.
මෙම සරුංගල් සැණකෙළිය සඳහා දේශීය තරගකරුවන් පමණක් නොව ලොව පුරා තරගකරුවන් රැසක්ද එක්වී සිටී.
අද පැවැත්වෙන මෙම සරුංගල් සැණකෙළිය තරග අංශ 07ක් යටතේ පැවැත්වෙයි.
මෙම සරුංගල් සැණකෙළියේ පුහුණු සැසිය ඊයේ (23) දිනයේදී පැවැත්වුණු අතර ඒ සඳහා දෙස් විදෙස්තරගකරුවන් එක්වී තිබුණි.
සරුංගල් සැණකෙළිය අවසානයේ අද රාත්‍රී 8 සිට ගාලුමුවදොර පිටියේදී "ඇවටා" සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකින් සැණකෙළිය වර්ණවත් වෙනු ඇත.
ඉහත ඡායාරූපවල දැක්වෙන්නේ ගාලු මුවදොර පිටියට ඉහළ අහස සරුංගල් වලින් පිරී ඉදිරී දිස් වූ ආකාරයයි.