උණුසුම් පුවත්

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | May 19, 2024  6:05 am

13 හැවිරිදි පාසල් සිසුවාටත් පොලීසිය ගැහුවා ද ?

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ වයස අවුරුදු 13ක් වූ පාසල් සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් වී තිබුණි.

(0)Comments | May 18, 2024  10:04 pm

මත්ද්‍රව්‍ය කිලෝ 400ක් විනාශ කරයි

පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් අද (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ.

(0)Comments | May 18, 2024  9:22 pm

රුසියානු යුද පුහුණු පාසලේ ඉන්න අපේ අය ගැන හෙළිදරව්වක්

රුසියානු - යුක්‍රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්‍රාමික සෙබළුන් කිහිපදෙනෙකු තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන "අද දෙරණ" ට අනාවරණය කළේය.

(0)Comments | May 18, 2024  8:48 pm

පොලීසිය පිටුපසට රැගෙන ගොස් සැකකරුවෙකුට අමානුෂික ලෙස පහරදෙයි

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබේ. 

(0)Comments | May 18, 2024  8:14 pm

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරයි

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ.

(0)Comments | May 18, 2024  7:39 pm

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

(0)Comments | May 18, 2024  6:49 pm

ඇල්ල - වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

(0)Comments | May 18, 2024  6:32 pm

නායයෑම් ගැන අලුත් අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | May 18, 2024  5:45 pm

හපුතලේ මීදුමෙන් වැසෙයි

අද (18) දිනය පුරා හපුතලේ නගරය හා අවට ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.

(0)Comments | May 18, 2024  5:10 pm

බාල ඖෂධ සිද්ධිය ගැන CIDයට තවත් පැමිණිල්ලක්

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | May 18, 2024  4:45 pm

ඩිනාරා පුංචිහේවා ආසියාවේ ප්‍රබලයින් අතරට

ෆෝබ්ස් සඟරාව 09වෙනි වරට ප්‍රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත්වී තිබේ.

(0)Comments | May 18, 2024  3:40 pm

හෙට මිලිමීටර් 100 ඉක්මවූ වැස්සක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (19) දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | May 18, 2024  3:30 pm

සරසවි සිසුවියකට හිරිහැර කළ තරුණයන් 06ක් අත්අඩංගුවට

විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර සිදුකළ තරුණයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | May 18, 2024  3:20 pm

පාවෙන ජැටිය හරහා ගාසා තීරයට ආධාර 

අමෙරිකානු හමුදා සෙබළුන් සහ නාවිකයින් දහස් ගණනකගේ සහායෙන් ඩොලර් මිලියන 320ක් වැය කරමින් අමෙරිකාව ගාසා තීරයේ තාවකාලික පාවෙන ජැටියක් ඉදි කිරීම ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේ දීය.

(0)Comments | May 18, 2024  2:54 pm

බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

(0)Comments | May 18, 2024  2:03 pm

ප්‍රදේශ රැසකට නායයෑම් සහ ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව පවසයි.

(0)Comments | May 18, 2024  1:27 pm

ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි ශ්‍රී ලංකා රජයට දැනුම්දෙයි

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ.

(0)Comments | May 18, 2024  1:01 pm

මුහුද ඉතා රළු වෙයි

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | May 18, 2024  12:44 pm

වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් සැමරුමක් වැල්ලවත්තේදී

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි.

(0)Comments | May 18, 2024  11:28 am

යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

කැකිරාව ශ්‍රාස්ත්‍රවේලී ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | May 18, 2024  10:45 am

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | May 18, 2024  8:31 am

ජනපති ඉන්දුනීසියාව බලා පිටත් ‍වෙයි

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය.

(0)Comments | May 18, 2024  8:19 am

යුද ජයග්‍රහණයට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ.

(0)Comments | May 18, 2024  7:55 am

අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින(18) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | May 18, 2024  6:35 am