
කේරළ ගංජා ළඟ තබාගත් හික්කඩුව ප්රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්රෑම් 222ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර ඇඹිලිපිටිය ප්රදේශයේ දී නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 28ක් පොලීසිය විසින් සොයාගත් බව ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කළේය.



















































