චීන රෝහලක නින්ජා ප්‍රහාරයක්

චීන රෝහලක නින්ජා ප්‍රහාරයක්

May 7, 2024   03:23 pm

නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

Yunnan පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වෙයි.

කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර තිබුණි.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්ද නැත්ද සම්බන්ධයෙන් වාර්තා නොවෙයි.