මහ බැංකුවෙන් සුබ ආරංචියක්

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

May 7, 2024   10:40 am

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.  

මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.