ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක

April 26, 2024   09:23 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කරයි.

ඔවුන් මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවති විශේෂ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත්වුණි.

පැය 02කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රිවරු මාධ්‍යයට අදහස් පළ කළේය.

මේ අතර වාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්තනෝමතික ලෙස ඉවත්කරනු ලැබූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ක්‍රියාකාරීන් යළි නිදහස් පක්ෂයට එක්කර ගැනීම සඳහා පියවර ගැනීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතයේ ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

පක්ෂ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වීරකුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන අය පත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ වැඩබලන සභාපති අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත අද පෙරවරුවේ පැමිණියේය.

පසුව අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.