
උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී වැඩ කළ හැකි ආණ්ඩුවකට අවස්ථාව ලබා දියයුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
ඊයේ මිරිහානේ ඇතිවූ සිද්ධියෙන් පසු ඒ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
"මේ සිද්ධි නිසා මාධ්ය මර්දනයට ආණ්ඩුව උත්සාහ කළොත් එය පරාජය කරන්නට ගත හැකි ඉහළම පියවර ගන්නවා. රජය සඳළුතලයේ ඉන්නේ නැතුව මහපාරට බහින්න. මිනිස්සුන්ගේ ප්රශ්නවලට විසඳුම් ලබාදෙන්න නොහැකිනම් වහාම ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී වැඩකළ හැකි ආණ්ඩුවකට අවස්ථාව ලබාදෙන්න."



















































