
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීමේ ගැටළු රැසක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.
දළදා කරඬුව වැඩමවීම සඳහා යොදා ගනු ලබන කතරගම වාසනා හස්තියා, ඉන්දිරාජා මෙන්ම නැඳුන්ගමුවේ හස්තියාද මෙවර පෙරහැර මංගල්‍යයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව එම සංගමය සඳහන් කළේය.

















































